ගමක් ඉවත්කරන ලෙස භූ විද්‍යාඥයෝ කියති.
නායයාමේ දැඩි අවධානමකට ලක්ව ඇති නුවරඑළිය යුනික් විව් ගම්මානයේ නිවාස 50 ක් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් කළ යුතුයැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසයි. අනාරක්ෂිත ලෙස පස්කණ්ඩි කපා දැමීම හා ජලමාර්ග අවහිර වන ආකාරයෙන් ඉදිකිරීම් කැර ඇති බැවින් වැස්සත් සමඟ ඕනෑම වේලාවක මේ ස්ථානය නායයෑමට ඉඩ ඇති බව ද භූ විද්‍යාඥයෝ කියති.

